Saturday, August 27, 2011

උරුම කළ තනිකම (Abstraction of Loneliness)

ආරම්භය

මම

ජීවන පාද යාත්‍රාව
තරණය
කරන්නෙමි......


ආරම්භයේ මධ්‍යය


මම
ජීවන පාද යාත්‍රාව 
හඳුනා ගත්තා..
හැම අස්සක මුල්ලකම
පය ගසා
පීරා
එබී බැලුවා..
පීඩිත වී
අසරණ වී
මං මුලාවූ 
මම
නොමිනිසුන් මැදට වී
මගේ දුක කියා වැළපුණා..


ඒත්
උන්ට 
ඒක ඇහුණේ නෑ......

ආරම්භයේ අවසානය


මම
තවමත්
ජීවන පාද යාත්‍රාවේ
ආරම්භයට වී
බලා හිඳිමි......






පසුවට ලියන වගනම්......
             
ජීවන මළගමේ
හඬන්නට කඳුලු නැතිව
ඉකිබිඳින
උරුම කළ තනිකම........




  

තනිකමේ සේයාව : දිලින ජනදිත් නවරත්න

2 comments: