Saturday, August 27, 2011

උරුම කළ තනිකම (Abstraction of Loneliness)

ආරම්භය

මම

ජීවන පාද යාත්‍රාව
තරණය
කරන්නෙමි......


ආරම්භයේ මධ්‍යය


මම
ජීවන පාද යාත්‍රාව 
හඳුනා ගත්තා..
හැම අස්සක මුල්ලකම
පය ගසා
පීරා
එබී බැලුවා..
පීඩිත වී
අසරණ වී
මං මුලාවූ 
මම
නොමිනිසුන් මැදට වී
මගේ දුක කියා වැළපුණා..


ඒත්
උන්ට 
ඒක ඇහුණේ නෑ......

ආරම්භයේ අවසානය


මම
තවමත්
ජීවන පාද යාත්‍රාවේ
ආරම්භයට වී
බලා හිඳිමි......






පසුවට ලියන වගනම්......
             
ජීවන මළගමේ
හඬන්නට කඳුලු නැතිව
ඉකිබිඳින
උරුම කළ තනිකම........




  

තනිකමේ සේයාව : දිලින ජනදිත් නවරත්න

Saturday, August 20, 2011

The Common Factor (පොදු සාධකය)

ඒක පාර්ශවීය නොවූ
කළු සුදු රාමුවේ
අසංතතික
අසංතුලිත
ද්වී පාර්ශවීය සාධක
සින්තටික් සිහින මාරාවක
සිරගතකල
සංතතික
සංතුලනාත්මක
අතිච්ඡාදනීය වූ 
පොදු සාධකය........

(පසුවට ලියන වගනම් :

  තුන්කල් දුටු
  ඒක පාර්ශවීය සිහිනයේ
  වේදනාත්මක සමුගැන්මට
  අවසරයි.....  )